Saturday, January 28, 2012

සමාජ විනාශය!


මම පොඩි කලේ ඉදලා මගේ තාත්තා ගැන මට තිබුනේ අප්‍රමාණ ආදරයක්! පිරිමියෙක් කියන හැබැ අර්ථයෙන්මයි මම තාත්තාව  දැක්කේ! ඒ නියම පිරිමි ගති ඇති, මට හොද පියෙක්, මවට ආදරවන්ත සැමියෙක්, හැම කාන්තාවකටම හොද සහෝදරයෙක්.... ඒ හැම නමක්ම නිකන් මම එයාට දීපු නම් නෙවෙයි.... සමාජෙත් එක්ක ගැටිලා..... අපි ලොකු වෙද්දී සිදු උන සිද්ධි වලින් පස්සේ…. මම දැන අදුන ගත්තු හැගීම් දැනීම් එක්ක .....  මවිසින් තාත්තාට දීපු පදක්කම් තමයි ඒ!

කවද හරි මගේ සැමියාගෙන් මම බලාපොරොතු වෙන්නේත් මගේ තාත්තා වගේම නොවුනත්.... අඩුම ගානේ මම මගේ තාත්තාට දීපු පදක්කම් වලින් කිහිපයක්වත් කැත නැතුව දෙන්න පුළුවන් පිරිමියෙක්! 

පිරිමි කියන විෂය මට අලුත් දෙයක් නොවන්නේ මම ගියේ මිශ්‍ර පාසලකට නිසයි..එත් මම පාසල් ගිය කාලේ ඉදලම මට පිරිමි ළමයින් ගැන තිබුනේ..... හරිම සරලයි අපි කියලා බැනර් ගහගෙන ඉන්න.... නමුත්  කේන්ති ගියාම...ගහ මරා ගත්තම....බූට් කැවම... අනේ මන්ද බන් මට මොන උනාද කියලා...මට එවෙලේ කන්ට්‍රෝල් නැතිව ගියානේ බන්.... එකී වෙසියෙක් නේ බන් වගේ.... තමන්වම හෝදගන්න…. ඇතුලටම නැමුණු හිත් ඇති ප්‍රේහෙලිකාවන් නේ කියන හැගීම….

මම ආශ්‍රය කරපු, කරන ගොඩක් පිරිමි….. ගැණු පෙරේතයන්  වීමත්.... වෙස් මුණක් දාලා මුණ වැහුවොත්..... ඕනෙම ගැණියෙක් දුෂණය කරන්න පවා හිතෙන් දගලන ජාතියේ මානසික කාම පිස්සෝ හැටියට මගේ ඔලුවේ තිබුන අදහස..... තවත් නිවැරදි වීමක් තමයි උනේ මේ….. ලියන... කියවන යම් තරමකට හරි උගත් කියලා මම හිතන් ඉදපු ….. බ්ලොග් ලෝකේ  බහුතරයක් ඉන්න පිරිමින්ගේ  අදහස්... උදහස් දිහා බලන්කොට….

පිරිමි??? අනේ  මන්දා මට නම් හිතුනේ…..  මම හොද පිරිමියෙක් කියලා.... ඉනෙන් පල්ලෙහාට ලැබිල තියෙන අවයවේ පිහිටෙන්…. පිරිමිකම් උලුප්පන….මනසින් නපුන්සක චරිත නේ මේ ඉන්නේ කියලයි…..  අපි කාන්තාවනට ගරු කරනවා ... අපි නියම අදරවන්තයෝයි ලේබල් ගහගෙන…. පොර කථා කියන බහුතරයක්  බ්ලොග් ලියන මේ පිරිමි කියාගන්න අයව 
දැකලා….. මගේ යාලුවෙක් කිවුවේ මාරු කතාවක්…. 

:ආ බන් දැන් බෙහෙතකටවත් නැද්ද ඇත්තටම පිරිමියෙක් හොයා ගන්න? මාර කෙස්  එකක් නේ..... අපිට  ගස් ගල් බදින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්.... හැබැයි බන් ඔය වෙස් මුණු දාගෙන….කල දුටු කල වල ඉහින’ අපි නම් පිරිමි කියන උන්ට වඩා ගලක් බැදගන්න එක හොදයි තමයි….. එක බැදගෙන ළිදට පැන්නත් සැපයි බන්..... මෙහෙම රුකඩයෙකුට අහුවුනොත් නම් කොහොමටත්  ජිවත් උනත් මළා වගේනේ;

එක තමයි ඇත්ත තත්වේ..... වෙස් මුණක් දාගෙන ඕනෙම දහජරා  වැඩක් හොරෙන් කරන....ඕනෙම  කුනුහරුපයක්  ඒ වෙස් මුණ අස්සෙන් කියලා දාන..... අංගුලි මාල වගේ තමන්ගේ අවශ්‍යතාවය අම්මගෙන්  හරි ඉෂ්ඨ කරගන්න දගලන ජාතියට මම කියන්නේ අවලම් ජාතිය කියලයි... පිරිමි ජාතිය නෙවෙයි! හැම පිරිමියම නරක නැ ඔව් එක සම්පුර්ණයෙන්ම ඇත්ත..... එත් මේ බ්ලොග් කියවන ලියන පිරිමි කියාගන්න 'පිරිමි'  අතරින් කි දෙනයිද ඉන්නේ නියම පිරිමියෙක් නේ මෙයා කියලා අවංකවම කියන්න පුළුවන්....

මේ බ්ලොග් ලෝකය ලංකාවේ සමාජයේ එක පැති කඩක්.... එක පැතිකඩ මේ විශාල සමාජයෙන් සියට එකක්  හෝ දෙකක් පෙන්නුවත්... ඒ සියට එක දෙක ඇතුලේ ඉන්නෙත් බලු නොවටින අවජාතක කියලා හිතෙන..... අපි නම් පිරිමි කියලා මවාගෙන ජිවත් වෙන...... තාත්තලා...අය්යිලා... මල්ලිලා....පෙම්වතුන්...සැමියන් වීම සමාජයේ හරයේ කඩාවැටීම වගේම  සබැ ලෝක විනාශයේ පෙර නිමිති හැටියටයි මම දකින්නේ....  

මම පාසල් යන කලේ දැනුම් තේරුම් තියෙන අවදිය වෙනකොටම….. පාසල් වැන් එකෙන් යන්න එපා දැන් බස්  එකේ යන්න පුරුදු වෙන්න කියලා….. මාව  සමාජෙට යොමු කරපු තාත්තා නිසා මම සමජෙත් එක්ක ගැටෙන හැටි හොදට  ඉගෙන ගත්තා.... බස් වල ජැක් වදිද්දී ...බයේ හැකිලුනොත් ඌ උගේ වැඩේ කර ගෙන මිසක්.... පොඩි දරුවෙක් නිසාවත් අත  නැර.... පොඩි මෑන් උඩ දාගෙන රස කරලා කියන…. එයා වගේ  ආදරණිය ජැකාලා.... හය හතර නොදන්නා පොඩි කෙල්ලොන්ගේ …..නොපෙනෙන බනිස් වලටත් කෙල හලන මයිනෝ අපි කියාගන්න….. මානසික රෝගීන් යන එන බස් වල...තෙරපිලා මානසිකව වැටිලා පිරිමි ගැන සමාජේ ගැන අප්‍රසන්න හැගීම් එක්ක.....සමාජ වයිරයෙන් බස් එකෙන් බහින පොඩි ගැණු දරුවෝන්ට හැමදාමත් වෙනවා වගේ....

ජැක් ගැහිල්ල හොදයි කියලා ....කියවන..... හැදෙන..... පිරිමින්ගේත් මානසිකත්වය හදන්න උදවු වෙන... බ්ලොග් ලෝකේ වැඩර්ලා අපි කියලා හිතාගෙන සමාජේ වනසන්න දායක වෙන... හැදෙන වැඩෙන දරුවන්ට කුණුහරප උගන්නන....තමන්ගේ අම්ම...බිරිද....සහෝදරි ....යෙහෙළිය... තමුන්ගේ නමට.... හෙණ ඉල්ලන්නේ නැති දවසක් උදා වෙනකන් වත්.....  බ්ලොග් ලියන්නෙනි..... උබලට අනාගතයේ ලැබෙන්න ඉන්න දරුවන්ට... ලැබිල ඉන්න දරුවන්ට... කිසිදවසක බලහත් කාරකමක් අත් විදින්න නොලැබේවා කියලා පතනවා....   

ලිපි ගැන අදහසක් තියෙනවනම්, තැන් තැන් වල ගිහින් මඩ ගහලා වීරයෝ නොවී... මගේ පොස්ට් එකේ ....මේ බ්ලොග් එක ඇතුලේ.... කමෙන්ට් එකක් විදියට පළ කරන්න...!