Saturday, January 28, 2012

සමාජ විනාශය!


මම පොඩි කලේ ඉදලා මගේ තාත්තා ගැන මට තිබුනේ අප්‍රමාණ ආදරයක්! පිරිමියෙක් කියන හැබැ අර්ථයෙන්මයි මම තාත්තාව  දැක්කේ! ඒ නියම පිරිමි ගති ඇති, මට හොද පියෙක්, මවට ආදරවන්ත සැමියෙක්, හැම කාන්තාවකටම හොද සහෝදරයෙක්.... ඒ හැම නමක්ම නිකන් මම එයාට දීපු නම් නෙවෙයි.... සමාජෙත් එක්ක ගැටිලා..... අපි ලොකු වෙද්දී සිදු උන සිද්ධි වලින් පස්සේ…. මම දැන අදුන ගත්තු හැගීම් දැනීම් එක්ක .....  මවිසින් තාත්තාට දීපු පදක්කම් තමයි ඒ!

කවද හරි මගේ සැමියාගෙන් මම බලාපොරොතු වෙන්නේත් මගේ තාත්තා වගේම නොවුනත්.... අඩුම ගානේ මම මගේ තාත්තාට දීපු පදක්කම් වලින් කිහිපයක්වත් කැත නැතුව දෙන්න පුළුවන් පිරිමියෙක්! 

පිරිමි කියන විෂය මට අලුත් දෙයක් නොවන්නේ මම ගියේ මිශ්‍ර පාසලකට නිසයි..එත් මම පාසල් ගිය කාලේ ඉදලම මට පිරිමි ළමයින් ගැන තිබුනේ..... හරිම සරලයි අපි කියලා බැනර් ගහගෙන ඉන්න.... නමුත්  කේන්ති ගියාම...ගහ මරා ගත්තම....බූට් කැවම... අනේ මන්ද බන් මට මොන උනාද කියලා...මට එවෙලේ කන්ට්‍රෝල් නැතිව ගියානේ බන්.... එකී වෙසියෙක් නේ බන් වගේ.... තමන්වම හෝදගන්න…. ඇතුලටම නැමුණු හිත් ඇති ප්‍රේහෙලිකාවන් නේ කියන හැගීම….

මම ආශ්‍රය කරපු, කරන ගොඩක් පිරිමි….. ගැණු පෙරේතයන්  වීමත්.... වෙස් මුණක් දාලා මුණ වැහුවොත්..... ඕනෙම ගැණියෙක් දුෂණය කරන්න පවා හිතෙන් දගලන ජාතියේ මානසික කාම පිස්සෝ හැටියට මගේ ඔලුවේ තිබුන අදහස..... තවත් නිවැරදි වීමක් තමයි උනේ මේ….. ලියන... කියවන යම් තරමකට හරි උගත් කියලා මම හිතන් ඉදපු ….. බ්ලොග් ලෝකේ  බහුතරයක් ඉන්න පිරිමින්ගේ  අදහස්... උදහස් දිහා බලන්කොට….

පිරිමි??? අනේ  මන්දා මට නම් හිතුනේ…..  මම හොද පිරිමියෙක් කියලා.... ඉනෙන් පල්ලෙහාට ලැබිල තියෙන අවයවේ පිහිටෙන්…. පිරිමිකම් උලුප්පන….මනසින් නපුන්සක චරිත නේ මේ ඉන්නේ කියලයි…..  අපි කාන්තාවනට ගරු කරනවා ... අපි නියම අදරවන්තයෝයි ලේබල් ගහගෙන…. පොර කථා කියන බහුතරයක්  බ්ලොග් ලියන මේ පිරිමි කියාගන්න අයව 
දැකලා….. මගේ යාලුවෙක් කිවුවේ මාරු කතාවක්…. 

:ආ බන් දැන් බෙහෙතකටවත් නැද්ද ඇත්තටම පිරිමියෙක් හොයා ගන්න? මාර කෙස්  එකක් නේ..... අපිට  ගස් ගල් බදින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්.... හැබැයි බන් ඔය වෙස් මුණු දාගෙන….කල දුටු කල වල ඉහින’ අපි නම් පිරිමි කියන උන්ට වඩා ගලක් බැදගන්න එක හොදයි තමයි….. එක බැදගෙන ළිදට පැන්නත් සැපයි බන්..... මෙහෙම රුකඩයෙකුට අහුවුනොත් නම් කොහොමටත්  ජිවත් උනත් මළා වගේනේ;

එක තමයි ඇත්ත තත්වේ..... වෙස් මුණක් දාගෙන ඕනෙම දහජරා  වැඩක් හොරෙන් කරන....ඕනෙම  කුනුහරුපයක්  ඒ වෙස් මුණ අස්සෙන් කියලා දාන..... අංගුලි මාල වගේ තමන්ගේ අවශ්‍යතාවය අම්මගෙන්  හරි ඉෂ්ඨ කරගන්න දගලන ජාතියට මම කියන්නේ අවලම් ජාතිය කියලයි... පිරිමි ජාතිය නෙවෙයි! හැම පිරිමියම නරක නැ ඔව් එක සම්පුර්ණයෙන්ම ඇත්ත..... එත් මේ බ්ලොග් කියවන ලියන පිරිමි කියාගන්න 'පිරිමි'  අතරින් කි දෙනයිද ඉන්නේ නියම පිරිමියෙක් නේ මෙයා කියලා අවංකවම කියන්න පුළුවන්....

මේ බ්ලොග් ලෝකය ලංකාවේ සමාජයේ එක පැති කඩක්.... එක පැතිකඩ මේ විශාල සමාජයෙන් සියට එකක්  හෝ දෙකක් පෙන්නුවත්... ඒ සියට එක දෙක ඇතුලේ ඉන්නෙත් බලු නොවටින අවජාතක කියලා හිතෙන..... අපි නම් පිරිමි කියලා මවාගෙන ජිවත් වෙන...... තාත්තලා...අය්යිලා... මල්ලිලා....පෙම්වතුන්...සැමියන් වීම සමාජයේ හරයේ කඩාවැටීම වගේම  සබැ ලෝක විනාශයේ පෙර නිමිති හැටියටයි මම දකින්නේ....  

මම පාසල් යන කලේ දැනුම් තේරුම් තියෙන අවදිය වෙනකොටම….. පාසල් වැන් එකෙන් යන්න එපා දැන් බස්  එකේ යන්න පුරුදු වෙන්න කියලා….. මාව  සමාජෙට යොමු කරපු තාත්තා නිසා මම සමජෙත් එක්ක ගැටෙන හැටි හොදට  ඉගෙන ගත්තා.... බස් වල ජැක් වදිද්දී ...බයේ හැකිලුනොත් ඌ උගේ වැඩේ කර ගෙන මිසක්.... පොඩි දරුවෙක් නිසාවත් අත  නැර.... පොඩි මෑන් උඩ දාගෙන රස කරලා කියන…. එයා වගේ  ආදරණිය ජැකාලා.... හය හතර නොදන්නා පොඩි කෙල්ලොන්ගේ …..නොපෙනෙන බනිස් වලටත් කෙල හලන මයිනෝ අපි කියාගන්න….. මානසික රෝගීන් යන එන බස් වල...තෙරපිලා මානසිකව වැටිලා පිරිමි ගැන සමාජේ ගැන අප්‍රසන්න හැගීම් එක්ක.....සමාජ වයිරයෙන් බස් එකෙන් බහින පොඩි ගැණු දරුවෝන්ට හැමදාමත් වෙනවා වගේ....

ජැක් ගැහිල්ල හොදයි කියලා ....කියවන..... හැදෙන..... පිරිමින්ගේත් මානසිකත්වය හදන්න උදවු වෙන... බ්ලොග් ලෝකේ වැඩර්ලා අපි කියලා හිතාගෙන සමාජේ වනසන්න දායක වෙන... හැදෙන වැඩෙන දරුවන්ට කුණුහරප උගන්නන....තමන්ගේ අම්ම...බිරිද....සහෝදරි ....යෙහෙළිය... තමුන්ගේ නමට.... හෙණ ඉල්ලන්නේ නැති දවසක් උදා වෙනකන් වත්.....  බ්ලොග් ලියන්නෙනි..... උබලට අනාගතයේ ලැබෙන්න ඉන්න දරුවන්ට... ලැබිල ඉන්න දරුවන්ට... කිසිදවසක බලහත් කාරකමක් අත් විදින්න නොලැබේවා කියලා පතනවා....   

ලිපි ගැන අදහසක් තියෙනවනම්, තැන් තැන් වල ගිහින් මඩ ගහලා වීරයෝ නොවී... මගේ පොස්ට් එකේ ....මේ බ්ලොග් එක ඇතුලේ.... කමෙන්ට් එකක් විදියට පළ කරන්න...!

Thursday, January 26, 2012

පිරිමි ???


පිරිමින්ගේ ගොන් ආතල්!

මුල්ම පොස්ට් එක කාන්තා හිංසනය ගැනම ලියන්න උන එකත් නිකන් විහිලුවක් වගෙයි.....එත් ඊයේ පෙරේදා දවස් කීපයක ඉදන් වෙන දේවල් දැක්කම.... කාන්තාවන්ට බස් වල විතරක් නෙවෙයි, බ්ලොග් ලෝකේ වත් නිදහසේ තම මතයේ රැදෙන්න දෙන්නේ නැති බව මේ පිරිමි පාර්ශවේ ඔප්පු කරා...මේ පිරිමි අයගේ බ්ලොග් වල...... මහා බර ලිපි වලින් මම තමයි නියම මිනිහ කියලා පෙන්නගෙන ඉදපු පිරිමින්ගේ පිරිමි කම ඉනෙන් පහලට සිමා උන හැටි දැක්කම දුකයි ඇත්තටම...... සත්ව ලෝකේ ඉන්න 'හයිනා' කියන සතා වගේ ......ලොකු සත්තු  කලා  ඉතුරු කරලා යන  කැලි  ඇහිදන් කලා..... වට වෙලා තලු මරණ හිගන්නෝ ජාතියක් වගෙයි මම දැක්කේ….. බහුතරයක් මේ බ්ලොග් ලියන සහ කියවන පිරිමි හැටියට ඉන්න උදවියව.... ලැජ්ජයි ඇත්තමයි ලැජ්ජයි ඔහෙලා ගැන......

පෞද්ගලික මඩ ගැසීම ඉලක්ක කරගෙනම, බොරු සෝබනේට වහෙන් ඔරෝ සමාවක් ඉල්ලන විදියට බාගෙට හෙළුවෙන් ඉන්න කාටුන් කැල්ලක් දාලා'අභීත' කියන බ්ලොග් ලියන්නා වගේම බොර දියේ මාළු බාන්න පොස්ට් දාපු අනිත් හිගන්නෝ  ටිකයි  දැක්කම මට හිතුනේ  මේ අය ලියන කියවන අයද කියලයි..... අජුත තත්වෙකට සාකච්චාව ඇදල දාලා ..... හිනා වේවි පැත්තකට වෙලා තලු මරපු පිරිමින්ටයි මේ කියන්නේ...... අන්තිමට ඔක්කොමල එකම බෝට්ටුවේ කියන එකත් අගේට පෙන්නුවනේ.... විරුද්ධ මත ඉවසන්න බැරිව ඇයි දැම්මේ පොස්ට්..... මේකනේ හැමෝගෙම පොයින්ට් එක උනේ....මම අහන්නේ මේ කතාවේ කතා නායිකාවගේ මතයට විරුද්ද වෙලා බලි මිරිකා ගත්තු අලුගොසුවන්ට මතක නැති උනේ කොයි වෙලේද තමනුත් මේ දගලන්නේ තමන්ගේ මතය කුණුහර්පයකින් හරි ගොඩ දාන්න බව....... ලියන කියවන මිනිස්සු වෙච්චි  සංවරව කතා කරන්න බැරි කම පැනල ගියේ කොහාටද අවශ්‍යම වෙලාවේදී මේ මහත්තැන්ලගේ.....

කුණුහර්ප කියාගෙන මඩ ගහලා ගැනියෙකුට කතා කරනවද වාදෙකට…. නියම කොන්දක් තියෙන පිරිමියෙක්? වාදයක් වෙනවනම් එක සංවරවයි කරන්න ඕනෙ.... ගැණු අයටත් කතා කරන්න ඉඩ දීලා... මේ කුණු වාදේ ඇදිලා ගියේ කුඩු කාරයෝ, මදවියෝ රෝත්තක් වට වෙලා එකතු වෙලා..... වැදගත් පිරිමි අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඉදපු එකයි පුදුමේ ... ලොකු මිනිස්සු කියලා හිතන් ඉන්න බ්ලොග් බක්කෝ දිහා බැලුවම.... සර්පයෝ හැව ඇරියා වගේ ලියන්නෝ ඇතුළු කියවන්නොන්ගේ කුණු මානසිකත්වය අපුරුවට කැටයම් කලානේ….. තවත් මොනවද ඉතින් කතා කරන්නේ හපන් කම් ගැන 'සොත්ති' උපලිලාගේ.... 

බ්ලොග් ලියන කාන්තාවනි,
මේ බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරයක් මන්ද මෝල් පිරිමින්ගේ ආතල් ගැනිල්ලට බිලි වෙලා…..  කාන්තා බ්ලොග් වහල දාලා පරාජය බාරගන්න එපා කියලා  සියලුම කාන්තා බ්ලොග් ලියන්නියන්ගෙන් මම ඉල්ලා සිටිනවා……තිරිසනුන් වගේ හැසිරෙන සියලුම පිරිමි බ්ලොග් කරුවන් සහ සියලුම ඇනොමනිස් ගොන් ආතල් කරුවන්ව බ්ලොක් කරලා දාලා හිටියනම් වඩා හොද බවත්….. නැවතත් ගොන් පොරයක් බවට කාන්තා අදහස් පෙරලෙන්න ඉඩ නොතියා ….පල කරන ලිපි වල හරයේ පිහිටලා…. තර්ක වලට නිර්භයව මුණ දිය හැකි ලෙස ඉදිරිපත් කල හැකි ලිපි  ලියන්න කියලත් ඉල්ලනවා…..සාධාරණ  දෙයක් කතා කිරීමට තවත් කාන්තාවක් වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත් වීම වගේම, මොළේ ඇති පිරිමි අයගේ ඉදිරිපත් වීමද ඇරුනම, බොර දියේ මාළු බාන ගොන් ඩයල් වලට ඉඩ නොතියන්න යයි මතක් කරන්න කැමතියි.….ටිකක් හිනා වෙලා යන්න කියලා අඩගහල.....අනෝ ඇවිත් ගල් ගහන සුචරිත වාදියෝ වගේම...... ජන අප්‍රිය බ්ලොග් ලියන කාන්තාවන්ට පරිස්සන් වෙන්න කියන ප්‍රේමදස මොඩෙල් එකේ කාඩ්බෝර්ඩ් පිරිමි අච්චු වලට බය වෙලා දුවන්නේ නැතිව........ තව තවත් මේ කාඩ්බෝර්ඩ් විරයන්ව එළියට එන විදියේ ලිපි වැඩි වැඩියෙන් ලියන්න කියලත් මතක් කරන්න කැමති.....

කාන්තා හිංසනයට බස් වල ජැක් ගැහිල්ල ඇතුලත් බව කියන ගිහින්......මඩ නාවල ගෙදර යැවුවා කියලා හිතෙන්න ඉඩ තියන්න එපා මේ මන්ද ඩයල් වලට. මේ බහුතරයක් මෝඩයන්ට  ඕනේ හැටියට කඩේ යන්න තියාගන්න එපා….. බ්ලොග් ඇත හැර යන්නෙනි....... අයෙත් එන්න….. තමන්ගේ බ්ලොග් අත අරින්න එපා…… මේ කට හැකර ගොඩයෝ රැලක් නිසා.  යටපත් කල නොහැකි බලවේගයක් වෙන්න මේ බ්ලොග් අවකාශයේ…. අනෙක කාන්තාවන්ට  එරෙහිව නැගිටින පුරුෂ අදිපත්‍ය යට කරන්න නම්..... එකට එකතු වෙන්න කියලා….  බ්ලොග් ලියන හැම කන්තාවකගෙන්ම  මම ඉල්ලා සිටිනවා..... පිරිමින්ට නවටන්න පුළුවන් රුකඩ ගැණු හිටියේ මීට දශක දෙකකට පමණ පෙර බව මතක් කරලා දෙන්න හොද කාලයක් මේක...... 

මේවා ගැන ලියන මටත් අමු කැවිලා තමයි තියෙන්නේ... මොකද මේවා කියලා මටත් සොත්ති උපලිලාගේ සංවර දේශනා අහන්න වෙන බව පැහැදිලි නිසා…..