Saturday, January 28, 2012

සමාජ විනාශය!


මම පොඩි කලේ ඉදලා මගේ තාත්තා ගැන මට තිබුනේ අප්‍රමාණ ආදරයක්! පිරිමියෙක් කියන හැබැ අර්ථයෙන්මයි මම තාත්තාව  දැක්කේ! ඒ නියම පිරිමි ගති ඇති, මට හොද පියෙක්, මවට ආදරවන්ත සැමියෙක්, හැම කාන්තාවකටම හොද සහෝදරයෙක්.... ඒ හැම නමක්ම නිකන් මම එයාට දීපු නම් නෙවෙයි.... සමාජෙත් එක්ක ගැටිලා..... අපි ලොකු වෙද්දී සිදු උන සිද්ධි වලින් පස්සේ…. මම දැන අදුන ගත්තු හැගීම් දැනීම් එක්ක .....  මවිසින් තාත්තාට දීපු පදක්කම් තමයි ඒ!

කවද හරි මගේ සැමියාගෙන් මම බලාපොරොතු වෙන්නේත් මගේ තාත්තා වගේම නොවුනත්.... අඩුම ගානේ මම මගේ තාත්තාට දීපු පදක්කම් වලින් කිහිපයක්වත් කැත නැතුව දෙන්න පුළුවන් පිරිමියෙක්! 

පිරිමි කියන විෂය මට අලුත් දෙයක් නොවන්නේ මම ගියේ මිශ්‍ර පාසලකට නිසයි..එත් මම පාසල් ගිය කාලේ ඉදලම මට පිරිමි ළමයින් ගැන තිබුනේ..... හරිම සරලයි අපි කියලා බැනර් ගහගෙන ඉන්න.... නමුත්  කේන්ති ගියාම...ගහ මරා ගත්තම....බූට් කැවම... අනේ මන්ද බන් මට මොන උනාද කියලා...මට එවෙලේ කන්ට්‍රෝල් නැතිව ගියානේ බන්.... එකී වෙසියෙක් නේ බන් වගේ.... තමන්වම හෝදගන්න…. ඇතුලටම නැමුණු හිත් ඇති ප්‍රේහෙලිකාවන් නේ කියන හැගීම….

මම ආශ්‍රය කරපු, කරන ගොඩක් පිරිමි….. ගැණු පෙරේතයන්  වීමත්.... වෙස් මුණක් දාලා මුණ වැහුවොත්..... ඕනෙම ගැණියෙක් දුෂණය කරන්න පවා හිතෙන් දගලන ජාතියේ මානසික කාම පිස්සෝ හැටියට මගේ ඔලුවේ තිබුන අදහස..... තවත් නිවැරදි වීමක් තමයි උනේ මේ….. ලියන... කියවන යම් තරමකට හරි උගත් කියලා මම හිතන් ඉදපු ….. බ්ලොග් ලෝකේ  බහුතරයක් ඉන්න පිරිමින්ගේ  අදහස්... උදහස් දිහා බලන්කොට….

පිරිමි??? අනේ  මන්දා මට නම් හිතුනේ…..  මම හොද පිරිමියෙක් කියලා.... ඉනෙන් පල්ලෙහාට ලැබිල තියෙන අවයවේ පිහිටෙන්…. පිරිමිකම් උලුප්පන….මනසින් නපුන්සක චරිත නේ මේ ඉන්නේ කියලයි…..  අපි කාන්තාවනට ගරු කරනවා ... අපි නියම අදරවන්තයෝයි ලේබල් ගහගෙන…. පොර කථා කියන බහුතරයක්  බ්ලොග් ලියන මේ පිරිමි කියාගන්න අයව 
දැකලා….. මගේ යාලුවෙක් කිවුවේ මාරු කතාවක්…. 

:ආ බන් දැන් බෙහෙතකටවත් නැද්ද ඇත්තටම පිරිමියෙක් හොයා ගන්න? මාර කෙස්  එකක් නේ..... අපිට  ගස් ගල් බදින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්.... හැබැයි බන් ඔය වෙස් මුණු දාගෙන….කල දුටු කල වල ඉහින’ අපි නම් පිරිමි කියන උන්ට වඩා ගලක් බැදගන්න එක හොදයි තමයි….. එක බැදගෙන ළිදට පැන්නත් සැපයි බන්..... මෙහෙම රුකඩයෙකුට අහුවුනොත් නම් කොහොමටත්  ජිවත් උනත් මළා වගේනේ;

එක තමයි ඇත්ත තත්වේ..... වෙස් මුණක් දාගෙන ඕනෙම දහජරා  වැඩක් හොරෙන් කරන....ඕනෙම  කුනුහරුපයක්  ඒ වෙස් මුණ අස්සෙන් කියලා දාන..... අංගුලි මාල වගේ තමන්ගේ අවශ්‍යතාවය අම්මගෙන්  හරි ඉෂ්ඨ කරගන්න දගලන ජාතියට මම කියන්නේ අවලම් ජාතිය කියලයි... පිරිමි ජාතිය නෙවෙයි! හැම පිරිමියම නරක නැ ඔව් එක සම්පුර්ණයෙන්ම ඇත්ත..... එත් මේ බ්ලොග් කියවන ලියන පිරිමි කියාගන්න 'පිරිමි'  අතරින් කි දෙනයිද ඉන්නේ නියම පිරිමියෙක් නේ මෙයා කියලා අවංකවම කියන්න පුළුවන්....

මේ බ්ලොග් ලෝකය ලංකාවේ සමාජයේ එක පැති කඩක්.... එක පැතිකඩ මේ විශාල සමාජයෙන් සියට එකක්  හෝ දෙකක් පෙන්නුවත්... ඒ සියට එක දෙක ඇතුලේ ඉන්නෙත් බලු නොවටින අවජාතක කියලා හිතෙන..... අපි නම් පිරිමි කියලා මවාගෙන ජිවත් වෙන...... තාත්තලා...අය්යිලා... මල්ලිලා....පෙම්වතුන්...සැමියන් වීම සමාජයේ හරයේ කඩාවැටීම වගේම  සබැ ලෝක විනාශයේ පෙර නිමිති හැටියටයි මම දකින්නේ....  

මම පාසල් යන කලේ දැනුම් තේරුම් තියෙන අවදිය වෙනකොටම….. පාසල් වැන් එකෙන් යන්න එපා දැන් බස්  එකේ යන්න පුරුදු වෙන්න කියලා….. මාව  සමාජෙට යොමු කරපු තාත්තා නිසා මම සමජෙත් එක්ක ගැටෙන හැටි හොදට  ඉගෙන ගත්තා.... බස් වල ජැක් වදිද්දී ...බයේ හැකිලුනොත් ඌ උගේ වැඩේ කර ගෙන මිසක්.... පොඩි දරුවෙක් නිසාවත් අත  නැර.... පොඩි මෑන් උඩ දාගෙන රස කරලා කියන…. එයා වගේ  ආදරණිය ජැකාලා.... හය හතර නොදන්නා පොඩි කෙල්ලොන්ගේ …..නොපෙනෙන බනිස් වලටත් කෙල හලන මයිනෝ අපි කියාගන්න….. මානසික රෝගීන් යන එන බස් වල...තෙරපිලා මානසිකව වැටිලා පිරිමි ගැන සමාජේ ගැන අප්‍රසන්න හැගීම් එක්ක.....සමාජ වයිරයෙන් බස් එකෙන් බහින පොඩි ගැණු දරුවෝන්ට හැමදාමත් වෙනවා වගේ....

ජැක් ගැහිල්ල හොදයි කියලා ....කියවන..... හැදෙන..... පිරිමින්ගේත් මානසිකත්වය හදන්න උදවු වෙන... බ්ලොග් ලෝකේ වැඩර්ලා අපි කියලා හිතාගෙන සමාජේ වනසන්න දායක වෙන... හැදෙන වැඩෙන දරුවන්ට කුණුහරප උගන්නන....තමන්ගේ අම්ම...බිරිද....සහෝදරි ....යෙහෙළිය... තමුන්ගේ නමට.... හෙණ ඉල්ලන්නේ නැති දවසක් උදා වෙනකන් වත්.....  බ්ලොග් ලියන්නෙනි..... උබලට අනාගතයේ ලැබෙන්න ඉන්න දරුවන්ට... ලැබිල ඉන්න දරුවන්ට... කිසිදවසක බලහත් කාරකමක් අත් විදින්න නොලැබේවා කියලා පතනවා....   

ලිපි ගැන අදහසක් තියෙනවනම්, තැන් තැන් වල ගිහින් මඩ ගහලා වීරයෝ නොවී... මගේ පොස්ට් එකේ ....මේ බ්ලොග් එක ඇතුලේ.... කමෙන්ට් එකක් විදියට පළ කරන්න...!

31 comments:

  1. අදහස් Comment විදිහට පල කරන්න කියල අයි මේ approval එකක් සෙට් කරන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. 'අදහස්' කියන්නේ කුණුහර්ප නෙවෙයි කියන එක නොතේරෙන අයටයි වැටක් ගහලා තියෙන්නේ... සමාජ අසාධාරණය කතා කරන්න ආවට, මම මුඩුක්කු ගැහැණියක් නෙවෙයි, කුණුහරුප වපුරාගෙන මරාගන්න...ඉතින් 'වැදගතුන්ට' කතා කරන්න අවසරයි...

      Delete
  2. මේ ලිපිය ගැනත් මගේ මතය කියන්න ඕන වෙනදා වගේම.. මෙහි ඇත්ත තියෙනවා... ඒ වගේම එකඟ විය නොහැකි කාරණාත් තියෙනවා... අපි බලමු ඒ මොනවද කියලා...

    // පිරිමි ජාතිය නෙවෙයි! හැම පිරිමියම නරක නැ ඔව් එක සම්පුර්ණයෙන්ම ඇත්ත..... \\

    මෙන්න මේකට මම එකඟයි.. මතභේදයට තුඩු දුන් මගේ පළවෙනි පෝස්ට් එකෙනුත් මම ඒත්තු ගන්වන්න හැදුවෙත් මේකමයි....

    // මම ආශ්‍රය කරපු, කරන ගොඩක් පිරිමි….. ගැණු පෙරේතයන් වීමත්.... \\

    මෙන්න මේකම ගෑණු ජාතියටත් පොදුයි කියලයි මම හිතන්නේ... පිරිමි ගෑණු පෙරේතයෝ වගේම ගෑණු පිරිමි පෙරේතයෝය..

    මේ ලෝක සංසිද්ධිය නිසා කවදාවත් ඉවර වෙන්නෙ නැති ගැටුමක් නිර්මානය වෙනවා...

    උදාහරනෙකට ඔබ ලියපු බ්ලොග් සටහන් දෙකම ගන්න පුළුවන්.. මොකද ඒ දෙකම සමාජ අසාධාරනේකට එරෙහිව වෛරයෙන් පිරිච්ච බ්ලොග් ලිපි....

    වෛරයෙන් ලියන බ්ලොග් ලිපි වලට වඩා සමකාමීව ලිවීමෙන් හොඳ සංවාදයක් ගොඩ නගා ගැනීමට හැකිවේ යන්න මගේ පෞද්ගලික හැඟීමයි....

    ReplyDelete
  3. හැබැවටම...ගෑනු අපිටත් සාමකාමිව කතා බහ කරන්න තිබුණ ඉඩ, නැති කරපු ඔයාම.... මේ ගැන කියන එක විහිළුවක්,....

    මේ තමයි මට දැනුන දේවල් ඒ පොස්ට් එක කියවලා.... එක ,පොස්ට් එක කියවන්න කලින්ම දැකපු පින්තුරෙන් මට දැනුනේ.... ඔයා පටන්ගත්තේ මඩක් ගහන්න කියලයි! දෙක, දිල් කියන කෙනා එයාගේ පොස්ට් එකේ'පිරිමි අය මෙහෙමයි කියලා'....කියලා නොතිබුන එකේ.... ඔයාට අයිතියක් නැහැ.... එයා මෙහෙම කිව කියලා කියන්න!එක වැරදියි....

    තුන, ඔයාට තිබුණා පොස්ට් එකට අදාල නැති ජරාව.... කමෙන්ට් හැටියට වැටෙද්දී එක නවත්තන්න...එත් ඔයා කලේ බලන් ඉදීම...විශේෂයෙන් එතනට ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරපු ගැණු පාර්ශවේ චරිත මරද්දී..... ඔයා අත් බැදන් හිදීමක් හැටියට.... ඔයයි පොස්ට් එකේ අයිති කාරයා... එත් ඔයා අවශ්‍ය වෙලාවේදී ක්‍රියාත්මක උනේ නැහැ!ඔයා කලේ අත් බැදගෙන පනින රිලවුන්ට ඉනිමන් තියපු එකයි...!

    මේවා තමයි මට දැනුන දේවල්...ගින්න පැතිරෙද්දී ඔයාට තිබුණා නිවන්න...එත් ඔයා කරබාගෙන හිටියා! ඇයි ඒ? පිරිමි ලවුවා බැට කලා ගියපු ගැණු ගැන ඔයා මොකද කියන්නේ? දිල් කියන කෙනා විතරක් නෙවෙයි අභීත, එතනට අපු ගැහැණු අය.... ඔයාගේ පොස්ට් එක හරි කියලත් කුණුහරප අහගත්තා .....නරකයි කියලත් කුණු හරප අහගත්තා...! සුපිරි බ්ලොග් අයති කාරයෙක් උනත් ඔයා...ඔයා ගැන මට ඇති උනේ පිළිකුලක් !

    මිනිස්සුන්ගේ චරිතය නැතිවෙන්නේ මුළු සමාජයම එක එල්ලේ පිළිකුල් කරන දෙයක් කලාම! දැන් දැන් පිරිමි ලියන අදහස් වලට, අදහස් එකතු කරන ගෑනුන්ටත් ඒ බ්ලොග් වලදී,....ම චරිතේ නැති කරවලා, රෙදි නැතිව එන තැනට වැඩ සිද්ධ උන හැටි දැකීම සොච්චනියයි!

    ගැනියෙක් හැටියට.. මගේ අත් දැකීම වල හැටියට....කාම පෙරේතයින්ගෙන්....පිරිමි ප්‍රතිශතය වැඩියි කියන එකයි..... පෙරේත ගැණු ඉන්නවා මම නැහැ කියලා නැහැ!

    ReplyDelete
  4. අන්න හොඳ අදහසක්.. හොඳ විවාදාත්මක ඇරඹුමක්....

    පළවෙනි වාක්යය ගැන කියනවනම් මට මෙහෙම අහන්න පුළුවන්.. එහෙම ඉඩක් නැතිවෙලානම් අපි දෙන්නා මෙහෙම විවාද කරන්නෙ කොහොමද සාමකාමීව...

    දෙවෙනි ඡේදය ගැන කියනවානම් මෙහෙමයි,

    //ඔයාට අයිතියක් නැහැ.... එයා මෙහෙම කිව කියලා කියන්න! එක වැරදියි....\\

    මම මෙහෙම කියලා නැහැ... මම කියලා තියෙන්නේ මෙන්න මෙහෙම...

    //ඇත්ත... ඒකෙදි පිරිමි මනුස්සයා වැරදි තමයි..\\

    ඒ කියන්නේ එතනදි දිල් හරි කියලයි මම කියලා තියෙන්නේ.. එහි සමාජය නොදුටුව පැත්තක් ගැන මම කමෙන්ට් කලාම ඇය ඒක නොදැම්ම නිසා එම කමෙන්ටුව මම මෙතනදි මගේ මතය ලෙස ඉදිරිපත් කිරීම තමයි කරලා තියෙන්නේ.. අපැහැදිලිනම් යලිත් අහන්න නංගි හෝ අක්කේ.. මම තවත් පැහැදිලි කරලා දෙන්නම්....

    ඔබ කියූ තෙවැනි කාරණේ....

    පාර්ශ්ව කීපයකින්ම එක ලෙසටම ඇනෝ වැටුනා... මුළු කමෙන්ට් තුන්සිය ගානෙන්ම ඔබ කියන දිල්ගේ නම සඳහන් කරලා වැටිලා තියෙන්නේ කමෙන්ට් විස්සකටත් අඩු ගානක්... ගොඩාක් ඇනෝ කමෙන්ට් වලට පිළිතුරු ලැබිලා ඒ වගේ විවාද ගියා... ඒ නිසා ඒව මකන්නවත් වෙන දෙයක් කරන්නවත් උවමනාවක් නෑ... අනුන් පැත්තක තියමු. මට විරුද්ධව අසභ්‍ය කමෙන්ට් කොච්චර ගියාද? එහෙනම් මම ඒවත් මකන්න ඕන.... මගේ බ්ලොග් එක පටන් ගත්ත දා ඉදලා ඇනෝට විවෘතයි.. ඉදිරියටත් එහෙමයි... පැහැදිලි ඇති කියලා හිතනවා...

    ඊලඟ ඡේදයටත් උඩ උත්තරේමයි..., ඒකෙ අන්තිම වාක්‍යය ගැන කියන්න තියෙන්නේ මගේ බ්ලොග් එක කියවලා පාඨකයා තුල මම ගැන මැවෙන ප්‍රතිරූපය පිළිබඳ මට ගැටලුවක් නැති බවයි...

    ඊලඟ ඡේදය ට උත්තරේ මෙහෙමයි.. උදාහරනෙකට ඔබ කියන මගේ ලිපිය ගත්තොත් එයින් මම බ්ලොග් අඩවි තුනක් ගැන සඳහන් කරලා තියෙනවා.. ඒත් කමෙන්ට් වලදි එක බ්ලොග් කාරියක්ගේ බ්ලොග් එකක් ගැන පමනක් ඉතා වැඩිපුර සටහන් උනා.... නමුත් අනිත් බ්ලොග් දෙක දිල්ගේ බ්ලොග් එකට වඩා මම මගේ ලිපියෙන් විවේචනය කලා... ඒත් ඔවුන් මෙය ප්‍රශ්නයක් කරගෙන බ්ලොග් එක වසා දැමුවේ නෑ... මගේ බ්ලොගයේ ලියන ලිපි වලට වග කියන්නේ මම... නමුත් එයින් මම කාගේ හරි රෙදි ගලවනවද, එහෙම නැත්නම් අහක යන තොප්පියක් දාගෙන කවුරුහරි රෙදි ගලව ගත්තද කියන එක කියවන අය තීරනය කරයි.... මමත් සිහියේ තබාගෙන ඉන්නේ.. මේ දෙකම නියෝජනය කරන කොට්ඨාශයන් ඉන්න පුළුවන්....

    අවසන් වක්‍යය හා එකඟයි.... පිරිමින් සතුව තිබෙන හැකියාවත් එක්ක ආපු දෙයක්.. පිරිමියෙක් වෙලා උපදිනකොට සමාජයට වෙන වාසි වගේම අවාසිත් තියෙනවා.. ඔබ පුනරුප්පත්තිය විශ්වාස කරනවානම් ලබන ආත්මයේ පිරිමියෙක් වෙලා ඉපඩුනොත් ඔබටත් මෙ සමාජ කොට්ඨාශය නියෝජනය කරන්න පුළුවන්...

    හිතුවට වඩා දිග උත්තරයක්... ඒත් මම මෙහෙම කතා කරන්න කැමතියි...

    ReplyDelete
  5. ඉඩක් නැත්තේ සාමුහික වාදෙකටයි... ගැණු පිරිමි පිල් නොබෙදී අදහස්...මත විතරක් දෝලනය වෙන විවාදෙකටයි ඉඩක් නැත්තේ... දෙන්නෙක් අතරේ විවාදයක් ලේසියෙන් ට්‍රැක් පනින්නේ නැ අභීත, මම ඒ ගැන නෙවෙයි සදහන් කරලා තියෙන්නේ...

    මට ගෙවෙන්නේ 22 අවුරුද්ද... එත් අපි නම් වලින් කතා කරමු!

    ලිපියක් ඇතුලේ..බ්ලොග් එකක් ඇතුලේ ....පිරිමි බහුතරයක් එකතුවෙලා... දිල් ඇතුළු හැම ගැණු කෙනාගේම චරිත ඝාතනය කිරීම සාදාරනයි කියලා මම හිතන්නේ නැහැ! විවාදයක් නම් හැම කෙනාටම සම අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ මතය කතා කරන්න....! ඔයාගේ පොස්ට් එකේදී නැති උනෙත් එක...! එතන උනේ වාදයක් නෙවෙයි බෙලි මිරිකා ගැනීමක්...

    මනුස්සකම කියන එක අපේ ජීවිතේදී එකතු වෙන්න ඕනේ ගැවෙන්න ඕනේ කොතනදදීද කියලා මට ඔයාට කියලා දෙන්න බැහැ අභීත.... එත් මම බලාපොරොත්තු උනේ ඔයාගෙන් ඒ මනුස්සකම...! එත් එක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි කියන එක උත්තරයක් හැටියට පිළිගන්න වෙනවා...! මට කියන බැහැ හොද පිරිමියෙක් නම්, හොද සහෝදරයෙක් නම්, කොටින්ම හොද මනුස්සයෙක් නම් මෙහෙමයි කියලා...!

    පාඨකයින් මොනා හිතුවත් ගැටළුවක් නැත්තන්... තවත් ඔයා එක්ක කතා කරන්න දෙයක් මට නැහැ..! මොකද මගේ ගැටලුව ඔයාගේ ලිපිය ගැන මට හිතුන දේවල් වීමයි...!

    මම පිරිමියෙක් වෙලා ඉපදුනත් ගැණියෙක් වෙලා ඉපදුනත්.... මනුස්සකම නියෝජනය කරන්න කැමතියි,ලිංග බේදයකට වඩා...!

    ReplyDelete
  6. ප්‍රශ්ණ 4 යි

    1. දැන් මගෙ බ්ලොග් එකේ වෙලා තියෙන්නේ සමූහික වාදයක් නෙවෙයිද?

    2. මෙතන අපි දෙන්න මැදට පැනලා කවුරුහරි කමෙන්ට් කලොත් ඔහුගේ කතා අපට වාරණය කරන්න පුළුවනිද? එහෙම කරන එක හරිද?

    3. ඔබ කියන දිල්ගේ ගැටලුව, තම නමින් කමෙන්ට් කරපු කීදෙනෙක් සාධාරනය කර තිබේද? ඇනෝ කීදෙනෙක් සධාරනීකරණය කර තිබේද? එයට හේතුව කුමක් කියාද ඔබට තෙරෙන්නේ..? පලවෙනි පෝස්ට් එකෙන් තීරනේකට එන්න බරිනම් දෙවෙනි එකත් කියවන්න අමා...

    4. පුද්ගලයෙකුගේ මනුස්සකම ලෝක වාසී හැම දෙනාටම එක ලෙස දැනිය යුතුද? එසේ නැත්නම් එය සාපේක්ෂයිද? උදාහරණයක් ලෙස ගෞතම බුදු රජානන් වහන්සේටත් අමනුස්සයෙක් කියපු අය හිටියා නේද? (දැන් මෙතන මමයි බුදු රජානන් වහන්සේයි සම කලා කියලා හිතන්න එපා.. උදාහරනයක් පමණයි කීවේ...)

    ඔබ මනුස්සකම නියෝජනය කිරීම ගැන මට සතුටුයි.. එය එසේම වේවා... ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ කියන එක මට හිතෙන්නේ වාදෙකින් පැනලා යන්න තියෙන ලේසිම ක්‍රමය කියලයි....

    ReplyDelete
    Replies
    1. 1. සාමුහික 'වදයක්' එක 'වාදයකට' වඩා...!

      2. මැද්දට පැනලා කථා කරන කෙනාගේ අදහස පැහැදිලිව...ශිෂ්ටව කියනව නම්, වාරණයක් අවශ්‍ය නැහැ...! මගේ අදහස.... තර්ක කලාට.... වාද කලාට හැම කෙනාම තමාගේ මතයට නමාගන්න අවශ්‍ය නැහැ.... එක වෙන්නෙත් නැහැ. එත් 'වැදගත්' කියන දේ රැකෙන්න ඕනේ මොන තරමක් දුර ගියත්....!ඔයා කියන ඔය වාදේ නිසා.... මේ බ්ලොග් අවකාශය නාරා වලක් උනා කියලා ඔයා තේරුම් නොගැනීමයි ප්‍රේහෙලිකව...

      3. ඔයා දිල්ගේ ගැටලුව සම්බන්දයෙන් තියපු පළවෙනි අඩිය සාධාරනයිද අභීත? ඒ කියන්නේ ඔයා ඒ දෙවෙනි පොස්ට් එකට දාපු පින්තුරේ.... ඔයාට දැනුනේම නැද්දේ එක ගැලපෙන්නේ නැහැ කියන එක...! එකෙන් පොස්ට් එක බලන්න කලින්ම ඔයාගේ යටි අරමුණ තෙරුන්ගන්න බැරි වෙන ,කියවෙන්නෙක් හිටියොත් එයා බබෙක් වෙන්න ඕනේ...! ඒක උනත් ඔයාට කියන්න පුළුවන්, නැ මම එහෙම අදහසකින් නෙවෙයි දැම්මේ කියලා... ඔයා ඒ පින්තුරේ දාපු අදහස මට ඔප්පු කරන්න බැරි නිසා මේ තර්කය අපැහැදිලියි...! මොකද මගේ හිතේ ඇදෙන්නේ ඔයා ඒක කලේ.... මඩ ගහන්නම බලාගෙනයි කියන එකයි...! ඊළගට පොස්ට් එක, එකෙන් ඔයාගේ අදහස පැහැදිලියි....! ඔයාගේ මතය 'මොන දේ උනත් සාධාරණය කරනවා' කියලා ඔයා කියද්දී..... මම ඔයාගේ මනුස්සකම් ගැනවත්.... හර්ද සාක්ෂිය ගැනවත් අහන එකත් මෝඩ කමක්....!

      4.මනුස්සකම මනින්න පුළුවන් හදවතින් විතරයි අභීත...ඒක මම මැන ගන්නේ මට තේරෙන හැටියට හරි වැරැද්ද මේකයි කියලා හිතට දැනෙන හැගීමකින්...! මට දැනුන හැගීම වගේම ඔයාගේ හිතේ තියෙන හැගීම සමාන නැහැ එකම සිද්ධියකදී උනත්..... එත් පොදුවේ අපි හැමෝම මනුස්සකම ගැන එකග වෙන තැන් ආවම..... ඒ තැන්වලදී පබයෝ වගේ ඉන්නවනම්..... ඒ මනුස්සයගෙන් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ!

      ඔයා මම කියන දේවත් මම ඔයාගේ මතය ගැනවත් පිළිගැනීමක් නැහැ... මේ වාදේ කල්පයක් ඇදන් ගියත්..... අපි දෙන්න එතනමයි....ඒ නිසයි මේ වාදය තේරුමක් නැති වෙන්නේ!

      Delete
  7. මෙහෙමයි අමා.. අපි දෙන්න අපි දෙන්නගේ අදහස් පිලිගන්න එක අවුලක් නෑ... කියවන බහුතරේ තේරුම් ගනීවි.. මට අවශ්‍ය වුනෙත් එයයි....

    මට අවශ්‍ය වූ දෙවෙනි කාරණය මෙයයි....

    මේ බ්ලොග් එක කියවූ පළමු මොහොතේම මට හිතුනා ඔබේ නියම රචනා ශෛලිය වෙනස් කරමින් ලියන බ්ලොග් එකක් කියලා.. ඉතින් මට ඔබේ නියම රචනා ශෛලිය කමෙන්ට් හරහා එලියට ගන්නට අවශ්‍ය වුනා... එය ඉටු වී අවසන් කියලා මට හිතෙනවා.. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්...

    මේ කමෙන්ට් එක ඔබ පබ්ලිශ් කරයිද කියලා මට පොඩි සැකයක් තියෙනවා.. මොකද, ඔබගේ කලින් ලිපියට මම දැමපු අන්තිම කමෙන්ට් එක තවමත් පබ්ලිශ් කරලා නැති නිසා... ඒ නිසා මම මේකේ ස්ක්‍රීන් ශොට් එකකුත් ගත්තා මතු ප්‍රයෝජනයක් සඳහා...

    එහෙනම් ජයවේවා.. සොයුරිය.. ඊලඟ ලිපියෙදි මුණ ගැසෙමු...

    ReplyDelete
    Replies
    1. හිතට එන අදහස් වචනෙට පෙරලන්න කලින් හිතලා හිතලා කැටයම් කරන්න මට අවශ්‍ය නැහැ....මගේ අදහස් අමුවෙන් තමයි ලියලා තියෙන්නේ... ඔයා මම කවුරු එක්ක සංසන්දනය කලත් ඒක ගැන වද වෙන එක තේරුමක් නැහැ මට...!

      ඒ කමෙන්ට් එකෙනුත් ඔයා 'ස්තුතිය' ගැන කියලා තිබීම මගේ ලිපියට අදාලත්වයක් නැහැ..ඒ වගේ කමෙන්ට් පල කරලා ....ඒවාට උත්තර බදින්න මම කැමති නැහැ අභීත...

      Delete
  8. මේ පැත්තට එන්න ලින්කුවක් දුන්නෙ මගේ ලෝකය " ලියන රංග අයියා.

    "ආයේ "වවුල්" හාමිනේ කෙනෙක් ඇවිත් ඉන්න්වා අමාරාශි කියලා .හැබැයි අමාරාශි කියන්නෙ නම් පට්ටම නට් ලූස් කේස් එකක්.

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලයි මට නම් පේන්නෙ. "

    මෙහෙම තමා හැදින්වීම් කරලා තිබුනේ. මෙතැනට ඇවිත් ලිපි කියවලා කොමෙන්ට් බලද්දි තමා හිතුනේ " රංග අයියා " මේ බ්ලොග් එක කරන්නෙ දිල් කියන ලපටි මානසිකත්වයේ ඉඳන් එහෙම කියපු බව .

    ලියා ඇති දේවල් තරමක් සංකීර්ණ උනත් ඇත්ත ඇති සැටියෙන් .
    ගැහැණු ගැන කතා කරන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි.
    මම දිල්ගෙ නංගා මිනූ

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩියේ තෝව දාල අර අහිංසක කොල්ල යන දවස ඉතාම ළඟයි කියල විතරක් හිතේ තියා ගනින්. කොල්ලන්ව ඔය විදියට හිර කරලා බැඳල තියා ගන්න බැහැ.. තෝ බොරුවට මැරෙන්න හදන්නෙ නැතුව ඇත්තට මැරිලා පල.. වද නොදී.
      By Anonymous on පිරිමි ??? on 1/30/12

      මට හිතන්නේ මේකත් ඔයාලට කියපු එකක් වෙන්න ඇති...!

      ඔය කියන බ්ලොග් කරු මේ බ්ලොග් එකට ලින්ක් එකක් දීල තියෙන්නේ කොහෙද ඩොලී? මම දැක්කේ නැහැනේ එහෙම ලිපියක්... හැකි නම් දැනුවත් කරන්න ඒ ගැන මාව..!

      Delete
  9. දයාබර මිනු....., ඔයාගේ කමෙන්ට් දෙක පළ නොකරමි... පළ කිරීමෙන් වෙන යහපතක් නැති නිසා...ඊයකින් අපු දෙයක් නම්, ඒක ඒක මට අදාල දෙයක් නෙවෙයි...
    ඔයාලට උනේ අසාධාරණයක් ....ඇත්ත...එත් ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය එළි කිරීමෙන් ඔයාට ලැබෙන්න 'අහිංසක සතුටක්' නෙවෙයි...ඒ ගැන හිතන්න...! ඔයා ඇයි මේ මිනිස්සු නිසා ඔයාගේ හිත නරක් කරගන්නේ... මේ මිනිස්සු වටිනවද ඒ තරමට? මේ වගේ යන එන මං නැති සිගන්නොන්ට නවාතැන් දෙන අම්බලමක් කරගන්න එපා ඔයාගේ හිත.... අමතක කරන්න ඒ මිනිස්සුන්ගේ මුල ඉදලම...මේ වගේ මිනිස්සු ඇත් වෙන තරමට වෙන්නේ යහපතක්මයි ඔයාට.... ඔයාට ජය! සතුටින් ඉන්න....

    ReplyDelete
  10. මිනිස්සු වන අපි ....කරන හැම දේම මුලින් බිහිවෙන්නේ තමන්ගේම හිතෙන්....,හිතේ අයිති කරයටයි ලැබෙන්නේ පළමුවෙන්.... දෙවනුවයි අනිත් අයට....ඉතින් අපි හොද නම්... කියන්නේ ඇත්ත නම්....මිසක් ,..... 'හිතට හොරා දිව නමන මිනිස්සුනේ' කියන කරන හැම දේම තමන්ටම සාපයක් වෙන්න කලින් වත් හිතපල්ලා මොහොතක්.......!

    ReplyDelete
  11. හැමදාම එනවා... අළුත් ලිපියක් නැති නිසා හැරිලා යනවා....

    ReplyDelete
    Replies
    1. අලුත් ලිපියක් ලියන්නත් හේතුවක් ලැබෙන්න එපැයි අභීත... වැට පැනපු අය නැහැ මේ දවස් වල බ්ලොග් වල... ළමයි හරිම හොද වෙලා..!

      Delete
    2. අහ්.. බොහොම හොඳයි. බ්ලොග් අවකාශය විවේචනයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ... බලමු එහෙනම් ලබන සතියේවත් මාතෘකාවක් දෙන්න....

      Delete
    3. එහෙමද.. බලමු එහෙනම්...

      Delete
  12. දැන් කවුද ඔය වැට පැන්නා කියල කියන්නේ? කමෙන්ට් බැලුවම හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්න ගතියක් පේන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බලලා කෙසෙල් කැන් වැට පනින හැටිද දැක්කේ? හොදයි!

      Delete
  13. දැන්නම් එන්න හිතෙන්නේම නෑ.. කෝ දැන් සති කීයක්ද? තවම කවුරුත් වැට පැන්නේ නැද්ද අමා...

    ReplyDelete
  14. නංගි... මගේ මේ පාර ලිපියෙන්වත් යමක් ලියන්න බැරිවෙයිද? ඔයාගේ බ්ලොග් එකේ ඔයා ගොඩාක් හොඳට ලියන නිසා මම හැමදාම ඇවිත් හැරිලා යනවා... අපි වාගේ ඔයාගේ පාඨකයින් ගැන සලකලා ලියනවානම් තමයි හොඳ... හෙටවත් ලිපියක් දමාවියැයි බලාපොරොත්තුවේන් ගිහින් එන්නම්....

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන්න හරි ආසයි වගේ නේ...
      ලියන්න තරම් ආවේගයක්..හැගීමක් එන දෙයක් දැක්කේ නැහැ අභීත, මේ දවස් ටිකේම බ්ලොග් වල.... බොළද දේවල් ලියන්න නාස්ති කරන්න කාලයකුත් නැහැ මට..... ඉදිරියේදී බලමුකෝ....!

      Delete
  15. සොරි මං අනික් අයගෙ අදහස් බැලුවෙ නම් නෑ..මගේ අදහස කියන්න ඕනි මං බ්ලොග් ලියන සහ ඔබ කියන වල් බ්ලොග් පෝස්ට් දාන කෙනෙක් වන නිසා..
    සමාජ ක්‍රමය සාධාරන උනානම් අපි බොහෝවිට සාධාරන වෙනවා.
    මං ඊයෙ හවස කොටුව ස්ටේෂන් එකෙ පාරෙන් එහා පැත්තෙ යනවිට ඒ තියෙන අර රූම් එකක ඉඳල බොහොම පොඩි පෙනුමක් තියෙන ගෑනු ලමයෙකුයි තව තිහක තිස්පහක විතර පිරිමි ලමයෙකුයි එනවා..
    කෙල්ල කියපු කතාවකට උත්තර දෙන පිරිමි කෙනා කිව්වෙ..ආ ඒක පස්නයක් නෑ..ඔයාට ගිය සතියෙනේ ඩේට් තිබුනෙ..මේ දවස්වල නිසා පස්නයක් නෑ..
    මේක පටි රෝලක් නෙමෙ මම විඳපු දෙයක්..කොතන වැරදිලාද කොතනින් වැරදුනාද දන්නෙ නෑ..
    ඒත් ඕව මහා ලොකු පත්තරවලට හෙන ලොකු දේවල් උණාට සාමාන්‍ය සමාජය විඳින දේවල්..
    ඔබ වැනි තරමක් සුපිරි ලේයර් එකක් මත ජීවිත ගෙනියන අයට නොමැති නොයෙකුත් සමාජිය ආර්ථික ගැටලු අනෙක් පහල ලේයර් වල අයට තියෙනවා..
    එතකොට ඒ අයට තියෙන ලොකුම සැනසීම තමා සෙක්ස්..
    ජීවිතේ හැම දෙයක්ම සෙක්ස් ඒ ස්තරය තුල ඉන්න බහුතරයට. එහෙම වෙලා තියෙන්නෙ සමාජය විසින් ඇතිකරපු පීඩනය සහ අනෙකුත් හේතු රාශියක් නිසා..
    ඔබ කියන වගේ සුරංගනා සමාජය ගැන මටත් ලියත හැකි..
    ඒත් ඒක නොපවතින දෙයක්..
    පහල ස්ථරයක කොල්ලෙක් අල්ලගෙන එයාව අතාරින එකත් ඒ වගේම අනික් පැත්ත වෙන පහල ස්ථරවල කෙල්ලන් අමාරුවෙ දමල අහක බලන එකත් එක ස්ථරයක ස්වභාවය..
    ඔවුන් ඒවාට පෙලබෙන්නෙත් තමුන්ගෙ සමාජ තත්වය ඉහලට ගෙනයන්න මොහොතකට හරි ඇති ආශාව නිසා..
    මේක හරි සංකීර්ණයි..ඔයා කියන විදියෙ හරිම පැතලි දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. 'සමාජ ක්‍රමය සාධාරන උනානම් අපි බොහෝවිට සාධාරන වෙනවා.'

      එතකොට සමාජේ ක්‍රමය ඇතුලේ ඉන්න මිනිස්සු හැදුනොත් නෙවෙයිද මේ සමාජේ මිනිස්සුන්ට හිතකර වෙන්නේ ජිවත් වෙන්න? ඔයා ඉන්න සෙක්ස් උලුප්පා ගත්තු සමාජේ ඇතුලේ ඉන්නේ පිටසක්වලයෝද?

      ඔයා ඔය කියන ලේයර් එකේ ඉදන්, මම සමාජය දිහා බැලුවනම්, අසදාරනය ගැන කතා කරන්න බ්ලොග් ලියන්න එන්නේ නැහැ... මොකද ඒ ලේයර් එකේ ඉන්න අයට,අසාධාරණය ගැන බ්ලොග් ලියනවා තියා එහා ගෙදර මිනිහෙක් මැරුවත් අහක් ඇරලා බලන්න වත් වෙලවක් නැහැ!

      අනික ඔයා ඔයා කියන ලේයර් එකේ ඉන්න කාම පිස්සොන්ට ලොකුම සැනසීම උන සෙක්ස් නිසා තමයි මේ සමාජේ මෙතරම් පිරිහිලා තියෙන්නේ... ඔයාල වගේ හිතන තව 10 ක් ඇති උනොත් සාමකාමී ජිවිතයක් කියන දේ ඉතින් සුරංගනා කතාවක්ම වෙයි!

      ඔයා මහා සංකීර්ණයි කිවුවට එදා වෙලා කාල, සෙක්ස් මත්තේ නැහෙන්නේ, බොහොම ප්‍රථමික සමාජයේ මිනිස්සු! ඒ කියන්නේ ගල් යුගයේ මිනිස්සු! ඔයා ඉන්නේ තාම ඒ ලේයර් එකේ ද?

      Delete
  16. මේ කතාවෙ වරදක් නෑ මේ තමයි ගැහැණියෙකුට පිරිමින් පෙනෙන ආකාරය.

    හැබැයි පිරිමියක් ලිව්වොත් ගැහැණිය ගැන ඒ කතාවත් මීට වෙනස් වෙන්නෙ නෑ

    ඒ මොකද මෙතන තියෙන්නෙ සපෙක්ෂතා වාදය ගැන ප්‍රශ්නයක් ඔයාගෙ තාත්තට සාපේක්ෂව තවත් පිරිමියෙක් දිහා බලනව. ඒක වැරදියි තාත්ත කෙනෙක් ව කොහොමද තරුණ කොල්ලෙකුට සාපේක්ෂ කරන්නෙ සමහර විට ඒ තරුණ කට්ටියත් වයසින් මුහුකුරා හියහම ඔයාගෙ තාත්ත වගේ හොද ආදර්ශවත් පියක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මට සමීපතම පිරිමියාව වන මගේ තාත්තව අධ්‍යනය කරලා, මම ඉගෙන ගත්තු මනුස්සකම්, ගුණ සුවද ගැන ඔලුවේ තියාගෙනයි මම අනිත් පිරිමි දිහා බලන්නෙත්...එත් මම දන්නවා සමාජේ විෂමයි කියලා. ඒ උනත් අපි කවුරුත් අනෙක් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ගුණ සහ යහපත් බවයි...! තරුණ උනත් වයසක උනත්!

      Delete
  17. අලුත් කමෙන්ට් දෙක සහ ඒවාට ඔබ ලබාදුන්න උත්තර නිසා තවත් එකම එක ප්‍රශ්ණයක් ආවා... මෙච්චර තර්ක කරපු එකේ ඒකත් අහන්නේ නැතිව යන්න බෑ... ප්‍රශ්ණය මේකයි....

    මේ ලිපියෙන් කියලා තියෙන දෙයින් එහා කවුරු මොනවා කීවත් ඒවා බොරුද අමා.. ඔයා කියලා තියෙන දේවල් විතරද ඇත්ත..?

    ReplyDelete
    Replies
    1. මම දකිනවා මගේ අදහස් සමාජ විරෝදී නැහැ කියන එක... මනුස්සකමේ රාමුවේ සිමාවන් ගැන, මගේ අදහස් මේවා !මේවා කෙනෙක්ට හරි වෙන්නත් පුළුවන්,තව කෙනෙකුට වැරදියට පේන්නත් පුළුවන්....මගේ දැනීමේ හැටියට 'හරි' සහ 'වැරදි' මම අදුන ගත්තු හැටි තමයි මේ මම ලියලා තියෙන්නේ...ඒවා හරිද වැරදිද කියලා ඔයා තීරණය කරන්න!

      Delete
  18. සමාජ අසාධාරණයක් උනේ නැද්ද ලඟදි.. බලාගෙන ගියාම බ්ලොග් අවකාශෙ හරිම සංසුන් නොවැ...... කලින් දාපු එක කමෙන්ට් එකක්වත් පබ්ලිශ් වුනේ නෑ නොවැ.... මොකද කරන්නෙ දැන්.. ආයේ ලියන්න අදහසක් නැද්ද නංගි.. ඔයාට මොකුත් අනතුරක් වෙලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මම හොදින් අභීත! ... ලියන්න තරම් හැගීමක් නැහැ... සමහර විට කම්මැලි කම වෙන්නත් ඇති! සුවදුක් විමසීම පිළිබදව මගේ ප්‍රණාමය ඔයාට ...!

      Delete