Thursday, January 26, 2012

පිරිමි ???


පිරිමින්ගේ ගොන් ආතල්!

මුල්ම පොස්ට් එක කාන්තා හිංසනය ගැනම ලියන්න උන එකත් නිකන් විහිලුවක් වගෙයි.....එත් ඊයේ පෙරේදා දවස් කීපයක ඉදන් වෙන දේවල් දැක්කම.... කාන්තාවන්ට බස් වල විතරක් නෙවෙයි, බ්ලොග් ලෝකේ වත් නිදහසේ තම මතයේ රැදෙන්න දෙන්නේ නැති බව මේ පිරිමි පාර්ශවේ ඔප්පු කරා...මේ පිරිමි අයගේ බ්ලොග් වල...... මහා බර ලිපි වලින් මම තමයි නියම මිනිහ කියලා පෙන්නගෙන ඉදපු පිරිමින්ගේ පිරිමි කම ඉනෙන් පහලට සිමා උන හැටි දැක්කම දුකයි ඇත්තටම...... සත්ව ලෝකේ ඉන්න 'හයිනා' කියන සතා වගේ ......ලොකු සත්තු  කලා  ඉතුරු කරලා යන  කැලි  ඇහිදන් කලා..... වට වෙලා තලු මරණ හිගන්නෝ ජාතියක් වගෙයි මම දැක්කේ….. බහුතරයක් මේ බ්ලොග් ලියන සහ කියවන පිරිමි හැටියට ඉන්න උදවියව.... ලැජ්ජයි ඇත්තමයි ලැජ්ජයි ඔහෙලා ගැන......

පෞද්ගලික මඩ ගැසීම ඉලක්ක කරගෙනම, බොරු සෝබනේට වහෙන් ඔරෝ සමාවක් ඉල්ලන විදියට බාගෙට හෙළුවෙන් ඉන්න කාටුන් කැල්ලක් දාලා'අභීත' කියන බ්ලොග් ලියන්නා වගේම බොර දියේ මාළු බාන්න පොස්ට් දාපු අනිත් හිගන්නෝ  ටිකයි  දැක්කම මට හිතුනේ  මේ අය ලියන කියවන අයද කියලයි..... අජුත තත්වෙකට සාකච්චාව ඇදල දාලා ..... හිනා වේවි පැත්තකට වෙලා තලු මරපු පිරිමින්ටයි මේ කියන්නේ...... අන්තිමට ඔක්කොමල එකම බෝට්ටුවේ කියන එකත් අගේට පෙන්නුවනේ.... විරුද්ධ මත ඉවසන්න බැරිව ඇයි දැම්මේ පොස්ට්..... මේකනේ හැමෝගෙම පොයින්ට් එක උනේ....මම අහන්නේ මේ කතාවේ කතා නායිකාවගේ මතයට විරුද්ද වෙලා බලි මිරිකා ගත්තු අලුගොසුවන්ට මතක නැති උනේ කොයි වෙලේද තමනුත් මේ දගලන්නේ තමන්ගේ මතය කුණුහර්පයකින් හරි ගොඩ දාන්න බව....... ලියන කියවන මිනිස්සු වෙච්චි  සංවරව කතා කරන්න බැරි කම පැනල ගියේ කොහාටද අවශ්‍යම වෙලාවේදී මේ මහත්තැන්ලගේ.....

කුණුහර්ප කියාගෙන මඩ ගහලා ගැනියෙකුට කතා කරනවද වාදෙකට…. නියම කොන්දක් තියෙන පිරිමියෙක්? වාදයක් වෙනවනම් එක සංවරවයි කරන්න ඕනෙ.... ගැණු අයටත් කතා කරන්න ඉඩ දීලා... මේ කුණු වාදේ ඇදිලා ගියේ කුඩු කාරයෝ, මදවියෝ රෝත්තක් වට වෙලා එකතු වෙලා..... වැදගත් පිරිමි අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඉදපු එකයි පුදුමේ ... ලොකු මිනිස්සු කියලා හිතන් ඉන්න බ්ලොග් බක්කෝ දිහා බැලුවම.... සර්පයෝ හැව ඇරියා වගේ ලියන්නෝ ඇතුළු කියවන්නොන්ගේ කුණු මානසිකත්වය අපුරුවට කැටයම් කලානේ….. තවත් මොනවද ඉතින් කතා කරන්නේ හපන් කම් ගැන 'සොත්ති' උපලිලාගේ.... 

බ්ලොග් ලියන කාන්තාවනි,
මේ බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරයක් මන්ද මෝල් පිරිමින්ගේ ආතල් ගැනිල්ලට බිලි වෙලා…..  කාන්තා බ්ලොග් වහල දාලා පරාජය බාරගන්න එපා කියලා  සියලුම කාන්තා බ්ලොග් ලියන්නියන්ගෙන් මම ඉල්ලා සිටිනවා……තිරිසනුන් වගේ හැසිරෙන සියලුම පිරිමි බ්ලොග් කරුවන් සහ සියලුම ඇනොමනිස් ගොන් ආතල් කරුවන්ව බ්ලොක් කරලා දාලා හිටියනම් වඩා හොද බවත්….. නැවතත් ගොන් පොරයක් බවට කාන්තා අදහස් පෙරලෙන්න ඉඩ නොතියා ….පල කරන ලිපි වල හරයේ පිහිටලා…. තර්ක වලට නිර්භයව මුණ දිය හැකි ලෙස ඉදිරිපත් කල හැකි ලිපි  ලියන්න කියලත් ඉල්ලනවා…..සාධාරණ  දෙයක් කතා කිරීමට තවත් කාන්තාවක් වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත් වීම වගේම, මොළේ ඇති පිරිමි අයගේ ඉදිරිපත් වීමද ඇරුනම, බොර දියේ මාළු බාන ගොන් ඩයල් වලට ඉඩ නොතියන්න යයි මතක් කරන්න කැමතියි.….ටිකක් හිනා වෙලා යන්න කියලා අඩගහල.....අනෝ ඇවිත් ගල් ගහන සුචරිත වාදියෝ වගේම...... ජන අප්‍රිය බ්ලොග් ලියන කාන්තාවන්ට පරිස්සන් වෙන්න කියන ප්‍රේමදස මොඩෙල් එකේ කාඩ්බෝර්ඩ් පිරිමි අච්චු වලට බය වෙලා දුවන්නේ නැතිව........ තව තවත් මේ කාඩ්බෝර්ඩ් විරයන්ව එළියට එන විදියේ ලිපි වැඩි වැඩියෙන් ලියන්න කියලත් මතක් කරන්න කැමති.....

කාන්තා හිංසනයට බස් වල ජැක් ගැහිල්ල ඇතුලත් බව කියන ගිහින්......මඩ නාවල ගෙදර යැවුවා කියලා හිතෙන්න ඉඩ තියන්න එපා මේ මන්ද ඩයල් වලට. මේ බහුතරයක් මෝඩයන්ට  ඕනේ හැටියට කඩේ යන්න තියාගන්න එපා….. බ්ලොග් ඇත හැර යන්නෙනි....... අයෙත් එන්න….. තමන්ගේ බ්ලොග් අත අරින්න එපා…… මේ කට හැකර ගොඩයෝ රැලක් නිසා.  යටපත් කල නොහැකි බලවේගයක් වෙන්න මේ බ්ලොග් අවකාශයේ…. අනෙක කාන්තාවන්ට  එරෙහිව නැගිටින පුරුෂ අදිපත්‍ය යට කරන්න නම්..... එකට එකතු වෙන්න කියලා….  බ්ලොග් ලියන හැම කන්තාවකගෙන්ම  මම ඉල්ලා සිටිනවා..... පිරිමින්ට නවටන්න පුළුවන් රුකඩ ගැණු හිටියේ මීට දශක දෙකකට පමණ පෙර බව මතක් කරලා දෙන්න හොද කාලයක් මේක...... 

මේවා ගැන ලියන මටත් අමු කැවිලා තමයි තියෙන්නේ... මොකද මේවා කියලා මටත් සොත්ති උපලිලාගේ සංවර දේශනා අහන්න වෙන බව පැහැදිලි නිසා….. 

22 comments:

  1. budu nango kenthi ganna epa.

    ReplyDelete
    Replies
    1. ගන්නේ නැහැ කේන්ති එනවා!

      Delete
  2. eka blog ekak weheddi thawath ekak aerena eka sathutata karunak

    ReplyDelete
    Replies
    1. එකක් වැහෙද්දී 10 ක් ඇරෙන්න ඕනේ.. මේ යන විදියට නම්..

      Delete
  3. අක්කා අපි වෙනුවෙන් කරන්නෙ හොඳ දෙයක්, අක්කට පුලුවන් නම් දිල් අක්කටත් මේ පෝස්ට් එක පෙන්නන්න. මේක බලල එයත් ආයෙත් එයි

    ReplyDelete
    Replies
    1. දිල් එන්න ඕනේ එයාගේ කැමැත්තෙන් මිසක් කවුරුත් කියනවට නෙවෙයි! එයා එනවානම් 'පිරිමි අපි' කියලා බෝර්ඩ් ගහගෙන ගෑනුන්ට ගහපු හාල්පාරුවන්ට දුවන්න ගහන්න බලාගෙන බසුකා එකක් අරන් තමයි එන්න ඕනේ!

      Delete
  4. ඉතා වැදගත් හොඳ ලිපියක්.... තරහව විතරක් ප්‍රමාණයට වැඩියි වගේ... ඒත් තමන්ගේ මතය කෙසේ හෝ එලියට දාන එක තමයි විය යුත්තේ.... හොඳ ආරම්භයක්.. ජයවේවා නංගි....

    සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශෙට...

    ReplyDelete
    Replies
    1. සමාජේ හදන්න වත්... මඩේ ඉන්න ඉනි වගේ පිරිමින්ගේ පිරිමි ගති ඇති කරන්න වත් නෙවෙයි මම මේක ලියන්න ගත්තේ ඇස් කන් පියාගෙන අහක බලාගන්න බැරි නිසා... අනික ගැණු අයට තරහ ගන්න තහනමක් නැහැනේ අභීත!

      Delete
    2. ඇත්ත අමා... ගැහැණු අයට තරහ ගන්න අයිතියක් නම් නෑ තමා... ඒත් මුලදිම තරහා අරගෙන වටේටම වනපුහාම කියවන අයට රින ආකල්පයක් ඒවි... නැත්නම් කිසි අවුලක් නෑ... මම හිතන්නේත් ඒක ඔයාට ප්‍රශ්ණයක් නෑ කියලා.. පිරිමි ගති ඇති කරන එක ඔයාට පුළුවන් වැඩක් කියලා මට හිතෙන්නේ නෑ.. ඒත් ඇස් කන් පියාගෙන නොහිටීමනම් ඉතා ශ්‍රේෂ්ඨ කාර්යයක්.....

      සමාජ අසාධාරණය ඉදිරියේ දෙපයින් නැගී හිටින්නටත් සමබරව යුක්තිය කෙරෙහි අවධානය යොමු කරලීමටත්, ඇනෝ මෙන්ම වෙනත් විරුද්ධ මතයන් ඉවසා ඊට සුදුසු පිළිතුරු ලබා දීමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා... කියා මම පතනවා...

      Delete
    3. මේ බ්ලොග් කියවන අයට සුදු චරිතයක් වෙන්න.... මවන්න..... වනන්න...නලවන්න මට අවශ්‍ය නැහැ අභීත....මම අවේ වවුලගේ ගෙදරටයි ...!

      Delete
    4. අවශ්‍යතාවය නැති එක ඔයාගේ සිතිවිල්ලක් අමා....

      ඒ උනාට කවුරුහරි යම් දේකට සුභ පතපුහාම ඒකට ස්තූතියි කියලාවත් කියන්න පුලුවන්නම් ශෝයි.. ඒකටත් ඔයා විරුද්ධනම් නොකිව්වට කමක් නෑ... මේකෙන් මම අදහස් කලේ මට ඔයා ලව්වා ස්තූතියි කියලා කියවා ගන්න එක නෙවෙයි.... බ්ලොග් අවකාශයේ අයහපත් දේ වගේම යහපත් දේවලුත් ඔබේ මනසට ඇතුලු වේවා කියන එකයි...

      බ්ලොග් අවකාශයේ ආධුනිකයෙක් වෙච්ච ඔයාට පොඩි හෝ උපදෙසක් අපි විසින් දිය යුතුනම් අපි එය දිය යුතුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා.....

      Delete
    5. මගදී හම්බවෙලා කතා කරලා යන අමුත්ටන්ට ඔයා ස්තුතියි කියනවද? මම කියන්නේ නැහැ...ඔයාලගෙන් උපදෙස් ඕනේ උනානම් මම මෙහෙම ලිපි ලියන්නේ නැහැනේ....!.බ්ලොග් ලියලා නැති උනාට,මේ මගේ පළමු ලිවිමත් නෙවෙයි....!

      Delete
  5. සිරාවට ඔය මේ බ්ලොග් එකත් පටන් ගත්තේ විප්ලවයක් කරන්නද එහෙනම් එල එත් මට නම් ලෙසට හිතෙනවා ඔය ඉන්නේ දිල් හරි වර්ණ හරි කියල අවුලක් නැහැ. පළමු පොස්ට් එකෙන් ඔය කරලා තියෙන්නේ වපු කක්කුස්සි වලක් අයෙ අරින්න හදන එක. මොකද මගේ බොලොග් එකේ පිරිමි දල තියෙන කමෙන්ට් වලට ඇඩෙනවා එත් මන් බ්ලොග් එක වැහුවේ නැහැ. සුකිරි අතල් නැතිව දෙන්න වැදගත් හරවත් ලිපි ටිකක් බලන්න

    ReplyDelete
    Replies
    1. ට්‍රැක් පනින්න අදහසක් නැහැ මට...

      Delete
  6. අළුත් බ්ලොග් එකක්... ඒත් මොකද මේ වරම අතට අරන්... අළුත් කෙනෙක් නම් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. වරම අතට අරන් කියලා පෙනුනේ ගැණු කෙනෙක් ලියපු නිසාද සහෝදරයා?

      Delete
  7. ඔයා කවුද කියන පෞද්ගලික කාරනාව පැත්තකට දාල පොඩි දෙයක් කියන්නම්, පහු ගිය ටිකේ ඔබ පවසන පරිදි කිසිම කාන්තා විරෝධයක් ඇති උනේ නෑ. ඒත් තමන්ට අවැඩක්මයි සිද්ද උනේ කියල හිතන එක පහුබහින ඕනම සමාජ කොටසකට හිතෙන දෙයක්. එතනදි මේ හිතෙන දේ ඔයාට අනුව නිවැරදිවෙන්න පුළුවන්. ඒත් ඒකමයි සත්‍යය කියල හිතනවනම් ඔය කරන්නෙ තමන්ගෙ හිත රවට්ටගැනීමක්.

    ගැහැණු වීම පමණක්ම යම් කිසි ගෞරවයක් ලැබීමට සුදුසු කාරනාවක් කියල හිතන්න පෙළඹෙන්න එපා.ගැහැණු පිරිමි භේදයක් නැතුව ගෞරවනීය හැසිරීමකට ඒකට සුදුසු ප්‍රතිචාර ලැබෙයි

    ඔය කියන වෙලාවෙ උනේ තමන් ඉදිරිපත් කරාපු මතයට එරෙහිව නැගෙන මත පරාද කරල තමන්ගෙ ස්ථාවරත්වය පැහැදිලි කරන්න බැරුව හැංගිලා ගියපු දෙයක්.

    මොනව උනත් වෙච්ච දේ වෙලා ඉවරයි, වෛරයෙන් යටගියාව ආයෙම ඇදල අරගෙන එකිනෙකාගෙ රෙදි ගලවාගන්න එකද නිවැරදි කියල හිතල බලන්න.

    RX

    ReplyDelete
    Replies
    1. මම දකින දේ තමයි අද මෙතන මේ ලිපියට උඩින් කමෙන්ට් කරපු ගැණු ළමයි ඇනෝ ආව එකට හේතුව බ්ලොග් ලියන පිරිමින්ගේ කෙරුවාවට බය වීම කියලා පෙන්නේ මට විතරද?

      ඔයා හිතනවද තමන්ගේ අදහස ඉදිරිපත් කරගන්න බැරි තරමට බයවෙන්න තරම් බ්ලොග් වාතාවරණයක් ඇති කරපු කට්ටිය කලේ කාන්තාවනට හොදක් කියලා? අභීත දාපු පොස්ට් එකට කමෙන්ට් කරපු ගැණු අයටත් අනෝ ඇවිත් බ්ලොග් ලියන්නොම කියපු කථා නිසා....ගැණු හොද උනත් නරක උනත් එකම ප්‍රතිචාර ලැබෙන බව සමෙජට බැස්සම හොදටම පේනවා මට නම්... ඒක බස් එකද බ්ලොග් එකද කියන දෙකේත් වෙනසක් නැහැ දැන්....ඒක ප්‍රශ්නයක් මට කාන්තාවක් විදියට..

      ඕගොල්ලෝ ගලවපු රෙදි අන්දවන්න මට අවශ්‍ය නැහැ... එත් මට දැනුන දේවල් නොකියා යන්න අදහසකුත් නැහැ මට

      Delete
  8. පිරිමි කෙනෙක් නම් ගන්නේ මොකක්ද හැබෑට ??

    ReplyDelete
  9. ඇත්තටම ඔයා බ්ලොග් ලියන්න (ආයෙත්) ආව එක ගැන නම් සතු‍ටුයි. මොකද ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි. ඉතින් මේකෙ හැම ජාතියකම අය ඉන්න ඕනෙ. නම වෙනස් කරාට කමක් නෑ, වහන්න නම් එපා. ඒ වගේම වීරයෙක් වගේ වටේම පිරිමි අයට බැනලා, උන් උන්ගෙ අදහස් ඉදිරිපත් කරද්දි පැනල යන්නත් එපා. ඔයාට මෙදා පාරවත් තමන්ගේ මතය වෙනුවෙන් සටන් කිරීම ධෛර්ය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඔයාල මම අරයා මෙයා කියලා හිතාගන්න... මට එක මට ප්‍රශ්නයක් නෙවෙයි....පිරිමින්ට බැන්න පමණින් වීරයෝ වෙන්න බැහැ... වීර කම් ලබන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.. මේ මගේ අදහස්! ඔයාට පුලුවන් නම් විරුද්ධ අදහසක් දෙන්න.... අපි කතා කරමු...! හැංගිලා ගහලා... පැනලා යන්න මම ලිවුවේ නැහැ... ලියන්නේත් නැහැ!

      Delete